
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න සහ එච්.එම් ධර්මපාල)
අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි.
අගුලාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් 30 දා රාත්රී මුර සංචාරයක යමින් සිටියදී අගුලාන උතුර ග්රාම නිලධාරී වසමේ පිහිටි සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල සැක සහිත සුදු පාට බෑගයක් දැක පරීක්ෂා කිරීමේදී මෙවා හමුවී ඇත.
එම පාර්සලය විවෘත කොට පරීක්ෂා කිරීමේදී ඒ තුළ අත් බෝම්බ 02 , කුඩා පතුරම් 25 , AK පතුරමක් තිබී හමුවූ බව පැවසේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට හැලොවින් සමරන්න ගෙනාපු දෙයක් වෙන්න ඇති.